IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොරියක ටයරයක් පුපුරා පාරෙන් ඉවතට පැන වාහන 5 ක ගැටේ

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ කුසුම්ගම ප‍්‍රදේශයේදී අද (17) ලොරි රථයක ඉදිරිපස ටයරයක් පුපුරා පාරෙන් ඉවතට පැන මාර්ගයේ නතර කර තිබූ වාහන පහක ගැටී සිදු වූ අනතුරකින් ත‍්‍රීරෝද රථයක සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව පොළොන්නරුව පොලිසිය පවසයි.

වී පටවා ගත් ලොරියක් මනම්පිටිය ප‍්‍රදේශයේ සිට පොළොන්නරුව දෙසට ගමන් කරමින් තිබියදී ටයරය පුපුරා ගොස් සිදු අනතුරෙන් නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක් , බස් රථ දෙකක් සහ යතුරුපැදියක ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගල්ලෑල්ල කුසුම්ගම ප‍්‍රදේශයේ තේ පානය කිරීම සඳහා මෙම වාහන නතර කර ඇති අතර අනතුරෙන් ත‍්‍රී රෝද රථ දෙකකට සහ යතුරු පැදියට බරපතල හානි සිදුව ඇත.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොළොන්නරුව පොලිසිය කියයි.

අනතුරට හේතුව ලොරි රථයේ කාර්මික දේෂයක් සහ අපරීක්ෂාකාරි රිය ධාවනය බවට සැකකරන බවත් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවත් පොළොන්නරුව පොලිසිය පැවැසීය.

 



අදහස් (0)

ලොරියක ටයරයක් පුපුරා පාරෙන් ඉවතට පැන වාහන 5 ක ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site