ආටිගල නිවසකින් මළ සිරුරක් සොයා ගනී හංවැල්ල ආටිගල ‘‘ආටිගල වෙල’’ ප්‍රදේශයේ අතහැර දමා තිබූ පාළු නිවසක මිය ගොස් සිටි නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (23) හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි. 23 September 2019
රංටැඹේ ජලාශයට වැටී හමුදා සෙබළෙක් මියයයි රන්දෙණිගල හා රංටැඹේ ජලාශ වේලි ආරක්ෂක මුර සේවයේ නියුතුව සිටි හමුදා සෙබළෙකු සේවා මුරය නිමවා හමුදා කඳවුර වෙත යෑමට සූදානම්ව සිටියදී අද (22) රංටැඹේ ජලාශයට වැටී මියගොස් ඇති බව හසලක පොලිසිය පවසයි. 22 September 2019
ට්‍රක් රථයේ ගැටී යතුරු පැදිකරු මරුට කොළඹ සිට පොලොන්නරුව බලා ගමන් කරමින් තිබූ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ට්‍රක් රථයක් අද (22) කොළඹ මහනුවර මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 22 September 2019
ඩයගම වතු නිවාස රැසක් ජලයෙන් යටවෙයි හොර්ටන්තැන්න රක්ෂිතයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොත්මලාඔය පිටාර ගැලීමෙන් ආගරපතන ඩයගම නැගෙනහිර කොටසේ වතු නිවාස රැසක් අද (22) ජලයෙන් යට වී ඇති බව ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය. 22 September 2019
හොරකමේ ගිය හතරක් පොලිස් දැලේ සුපිරි වෙළඳ සැල් වලට බඩු ගන්නා මුවාවෙන් ගොස් දේපල සොරාගත් සංවිධානාත්මක කණ්ඩායමක සමාජිකයන් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ 30 ක පමණ දේපල සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 22 September 2019
අනවසරයෙන් මැණික් ගැරූ තිදෙනකු අත්අඩංගුවට ඕපනායක පොලිස් බල ප්‍රදේශයට අයත් කටිටාංගෙ දාංදාව ප්‍රදේශයේ වේ ගඟ ආසනයේ අන වසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මැණික් ගැරිම සදහා යොදාගත් උපකරණ සමග අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 22 September 2019
අහංගම ජලයෙන් යටවෙයි නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වැස්ස නිසා අද(22) අහංගම නගරය ජලයෙන් යටවී ඇත. 22 September 2019
නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරෙකු මඩකලපුව පාලමුනේදී අද (22) අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි. 22 September 2019
ඉමදූවේ කබරගල- පුස්වැල්ල මාර්ගය නායයයි අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කබරගල පුස්වැල්කඩ මාර්ගයට පස් කඳු කඩාවැටී අද (22) උදෑසන ස්ථාන දෙකකින් මාර්ගය අවහිරව පැවතිණි. 22 September 2019
නීතිවිරෝධී ක්‍රියා සිදුකළ 10 ක් අත්අඩංගුවට ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී රැදී සිටිමින් පුපුරණ ද්‍රව්‍ය යොදා මහවැලි ගඟේ මසුන් මැරීම ශාකවලට හානි සිදුවන ලෙස ගිනි දැල්වීම ඇතුළුව නිතිවිරෝධී ක්‍රියාවන් රැසක් සිදු කළැයි කියන පුද්ගලයෝ 10 ක් අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 22 September 2019
ජනතාව බියගැන්වූ වනඅලියා අල්ලයි අම්පාර දිස්ත්‍රික්කයේ උහන පාදේශිය ලේකම් කොට්ඨාශායේ ජනතාව බිය කරගන්වමින් සිටි වන අලියා ඇල්ලීමට වනජීවි නිලධාරීහු අද (21) සමත්වූහ. 21 September 2019
කොටුව උද්ඝෝෂණයට අනුරාධපුරයෙනුත් ආබාධිත රණවිරුවෝ එක්වෙති සිය වැටුප ජීවිතාන්තය තෙක් ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට සහාය ලබාදීමේ අරමුණෙන් අනුරාධපුර ආබාධිත රණවිරුවෝ සහ ඔවුන්ගේ ඥාතීහු පිරිසක් සෙනසුරාදා (21) දින පස්වරුවේදී අනුරාධපුර නව බස්නැවතුම්පළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. 21 September 2019
කෙසෙල් වගාවක ගංජාත් වවලා කෙසෙල් වගා කරන මුවාවෙන් තණමල්විල බලහරුව ප්‍රදේශයේ අක්කර කාලක ඉඩමක ගංජා වගා කළ පුද්ගලයෙකු අද (21) ගංජා ගස් 2079 ක් සමග මොනරාගල දිසා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි. 21 September 2019
ලෝක සාම දිනය වෙනුවෙන් පා ගමනක් ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය, බේරුවල ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව, සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (21) අලුත්ගම නගරයේ සිට මොරගල්ල සංචාරක පොලීසිය දක්වා සාම පා ගමනක් පැවැත්විය. 21 September 2019
පුද්ගලයකුගේ සැකසහිත මරණයක් සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (21) උදෑසන සොයාගත් බව උඩුගම පොලිසිය පවසයි. 21 September 2019
ත්‍රිරෝද රථයක් තාප්පයක ගැටී පුද්ගලයකු මරුට අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ බොරකන්ද ප්‍රදේශයේදි තරුණයින් තිදෙනෙකු ගමන් ගත යතුරුපැදියක් අද (21) අලුයම තාප්පයක හැපීමෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 21 September 2019
ඌව වෙල්ලස්ස සරසවියේ අධ්‍යයන කටයුතු කල්යයි සැප්තැම්බර් මස 23 වැනි සඳුදා දින ආරම්භ කිරීමට නියමිතව තිබූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන අර්ධ වාර්ෂිකයේ අධ්‍යයන කටයුතු දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති ජයන්ත ලාල් රත්නසේකර මහතා මහතා පැවසීය. 20 September 2019
පියා පැදවූ ලොරියට යටවී දරුවා මරුට වීරකැටිය කුඩා බිබුල ප්‍රදේශයේදී තම පියා පැදවූ ලොරි රථයකට යට වීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි . 20 September 2019
අල්ලස්ගත් මුරකරු අත්අඩංගුවට මොරටුවේ විදුහලකට සිසුවකු ඇතුළත් කර දෙන බව පවසා රුපියල් 8,000 ක අල්ලසක් ගත් පාසල් මුරකුරුවෙකු අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. 20 September 2019
බසයට යට වී නව දරු මවක් මරුට සූරියකන්ද ඇඹිලිපිටිය මාර්ගයේ කෑල්ලගම හන්දියේදි සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරකින් අසූ තුන් හැවිරිදි මවක් එම ස්ථානයේදීම මිය ගියබව කොලොන්න පොලිසිය පවසයි 20 September 2019
ගසක් කඩා වැටී කුරුවිට ගොරකඇළ මාර්ගය අවහිර වෙයි ගැඩුඹ ගසක් කඩා වැටීම නිසා කුරුවිට නගරයේ සිට පාතගම, හල්පේ හරහා ගොරකඇළ මාර්ගයේ වාහන සහ පයින් ගමන් කිරිමද අද (20) පෙරවරුවේ පැය කිහිපයක් ඇන හිටියේය. 20 September 2019
බෙලිඅත්තෙන් ඇරැඹෙන දුම්රියන්හි කාල සටහන් වෙනස් වෙයි බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන දුම්රිය කාලසටහන්වල වෙනස්කම් කිහිපයක් සහිතව ඉදිරියේදී ධාවනය වීමට නියමිත බව බව දුම්රිය ස්ථානාධිපති ඩී.නාරංගොඩ මහතා පැවසීය. 20 September 2019
විදුහලකින් ඉවත්කළ ප්‍රාථමික අංශය ලබාදෙන්නැයි මව්පියවරු වීදිබසිති මහනුවර මාරතුගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉවත් කරන ලද ප්‍රාථමික අංශය යළි ලබා දෙන ලෙස ඉල්ලමින් එම විදුහලේ ආදි ශිෂ්‍යයෝ, මව්පියවරු ඇතුළු පිරිසක් අද(20) විදුහලට පිවිසෙන මාර්ගය අසළ විරෝධතාවයක නිරත වූහ. 20 September 2019
විදුලිය නොමැතිවීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තු ගම්පහ කාර්යාලයේ වැඩකටයුතු අඩාලයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙහි ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට විදුලි බලය නොමැතිවීම මත අද (20) රියදුරු බලපත් සම්බන්ධ කටයුතු සඳහා පැමිණි සියලුම දෙනාට ආපසු හැරී යාමට සිදුවූහ. 20 September 2019
ගින්නකින් වතු නිවාස 16ක් විනාශයි මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ට්‍රොක්හොම් වතුයායේ ස්කාබ්රෝ කොටසේ වතු නිවාස පේළියක අද (20) හට ගත් ගින්නකින් නිවාස 16 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය පොලිසිය කියයි. 20 September 2019
කල්පිටිය කළපුවේ නීතිවිරෝධී කූඩු දැල් ඇටවුම් 90 ක් අත්අඩංගුවට කල්පිටිය කළපුවේ කුරුසපාඩුව ප්‍රදේශයේදී , නීති විරෝධීඅයුරින්, අයුරින් අටවා තිබූ කූඩු දැල් ඇටවුම් 90 ක් පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලීය බාරයට ගෙන ඇතයි එම කාර්යාලයපවස යි. 20 September 2019
වෙළෙඳසැල් 7කින් මුදල් සොරාගත් අයෙක් අත්අඩංගුවට දර්ගානගරයේ සහ අලුත්ගම නගරයේ වෙළඳසැල් 7කින් මුදල් සහ දුරකතන කාඩ්පත් සොරාගත් පුද්ගලයකු අද(20) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 20 September 2019
වත්තල වෙළඳසැලක් ගිනි ගනී වත්තල හේකිත්ත පාර රෙදි පිළි වෙළඳසැලක අද(20) උදෑසන ගින්නක් හටගෙන ඇත. 20 September 2019
ත්රස්තයන්ගේ නැගෙනහිර පළාත් පරිපාලන මධ්‍යස්ථානය අල්ලන පුහුණු මෙහෙයුම අවසන් තොප්පිගල ,නාරකමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ත්රස්තවාදීන්ගේ නැගෙනහිර පළාත් පරිපාලන මධ්‍යස්ථානය අත්පත් කරගැනීමට කමාන්ඩෝ භටයෝ අද (19) සමත්වූහ. 19 September 2019
ටිපර් - ත්‍රීරෝද රථ අනතුරකින් 4 කට තුවාල බන්ඩාරගම හේනේගම ප්‍රදේශයේදී අද (19) රාත්‍රී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කුඩා දැරියක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ඩාරගම පොලිසිය කියයි. 19 September 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025