(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලියු.යූ එස්.කේ.ජයවර්ධන)
කොළඹ සිට පොලොන්නරුව බලා ගමන් කරමින් තිබූ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ට‍්‍රක් රථයක් අද (22) කොළඹ මහනුවර මාර්ගයේ කලල්පිටිය ප‍්‍රදේශයේදී යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පස්යාල අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි නන්දකුමාර පණ්ඩිතරත්න නැමැති 58 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
ට‍්‍රක් රථය භාණ්ඩ තොගයක් පටවාගෙන ගමන් කරමින් තිබී ඇති අතර කලල්පිටිය ප‍්‍රදේශයේදී යතුරු පැදියකට ඉස්සර කරන අවස්ථාවේ එම යතුරු පැදිය ට‍්‍රක් රියේ පිටුපස කොටසේ ගැටී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුරත් සමඟ යතුරු පැදිය පෙරලී ඇති බවද පැදිකරු ඒ අවස්ථාවේදී ට‍්‍රක් රියට යටවී ඇතැයිද පොලිසිය කියයි.
බරපතල තුවාල ලත් පැදිකරු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයිද ට‍්‍රක් රථය පැදවූ පොලිස් සැරයන් රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය හෙට (23) වතුපිටිවල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ට්රක් රථයේ ගැටී යතුරු පැදිකරු මරුට