IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොරකමේ ගිය හතරක් පොලිස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සුපිරි වෙළඳ සැල් වලට බඩු ගන්නා මුවාවෙන් ගොස් දේපල සොරාගත් සංවිධානාත්මක කණ්ඩායමක සමාජිකයන් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ 30 ක පමණ දේපල සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 ත් 30 ත් අතර පසුවන්නන් බවත් ඔවුන් මහරගම , පන්නිපිටිය හා ඇරැව්වල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පැවැසීය.

එම සැකකරුවන් සමඟ සොරකම් සඳහා යොදාගත් ත්‍රී රෝද රථයක් හා සොරාගත් මිලෙන් අධික පිටි වර්ග,චොකලට් වර්ග,සුවද විලවුන්,අත් ඔරලෝසු,කජු ,ලැප් ටොප් පරිගණකයක් මෙන්ම උල් පිහියක්ද පොලිසිය සොයාගෙන ඇත.

මාස හතරක පමණ කාලයක් තුළ මහරගම , පිලියන්දල,කොහුවල,තලංගම,මිරිහාන සහ මොරටුමුල්ල පොලිස් වසම් වල පිහිටි සුපිරි වෙළඳ සැල් වලට භාණ්ඩ ගන්නා මුවාවෙන් ගිය සංවිධානාත්මක කණ්ඩායමක් වෙළඳ සැල් 10 කට අධික ප්‍රමාණයකින් ලක්ෂ ගණනාවක දේපල සොරාගෙන ඇති බවත් වෙළඳ සැල් හිමියන්ට තර්ජනය කර භාණ්ඩ රැගෙන පලාගොස් ඇති බවත් පොලිසියට පැමිණිලි ලැබී ඇතැයි පොලිසියේ නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් පිරිසෙන් තිදෙනෙක් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී එලෙස සොරාගත් භාණ්ඩ හෙරොයින් ජාවාරම් කරුවන්ට ලබා දී මත්කුඩු ගත් බවට අනාවරණය වීමෙන් අනතුරුව පිලියන්දල , මහරගම සහ ඇරැව්වල ආදී ප්‍රදේශවල තිබී සොරාගත් භාණ්ඩ සොයාගත් බව පොලිසිය පැවසීය.



අදහස් (0)

හොරකමේ ගිය හතරක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site