(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ට්‍රොක්හොම් වතුයායේ ස්කාබ්‍රෝ කොටසේ වතු නිවාස පේළියක අද (20) හට ගත් ගින්නකින් නිවාස 16 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය පොලිසිය කියයි.
එක් නිවසක ගින්න හටගත් බවත් පසුව එය සෙසු නිවාසවලට ද පැතිර ගොස් ඇතිබවත් පොලිසිය පවසයි.
නිවාස 28 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක් ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්ව ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.
මේ හේතුවෙන් පවුල් 28 කට අයත් සමාජිකයෝ 150 දෙනෙකු පමණ අවතැන් වී සිටිති.
ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක කරන අතර සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.
මස්කෙළිය පොලිසිය පරික්ෂණ පවත්වයි.




(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)




(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගින්නකින් වතු නිවාස 16ක් විනාශයි