විදුලිසැර වැදී අයෙක් මරුට ඌරගස්මංහන්දිය කොටුවබැන්දහේන, නියකොළහේන ප්‍රදේශයේදී අද (19) අනවසර විදුලි රැහැනක දැවටී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. 19 September 2019
උතුරේ වැව් 15ක් ප්‍රතිසංස්කරණයට පියවර උතුරු පළාතේ වැව් 15ක් ප්‍රතිසංස්කරණය කරමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සභාපතීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබේ. 19 September 2019
අල්ලස් ගත් ගොවිජන සංවර්ධන නිලධාරියා වසර 16 ක් සිරගෙට කුඹුරු ඉඩමක් පවරා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ගොවියකුගෙන් රුපියල් 8000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අක්කරේපත්තු හිටපු ගොවිජන සංවර්ධන නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (19) නියම කළේය. 19 September 2019
උතුරේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නන්ට ධීවර අමාත්‍යංශයෙන් සීමාවක් ඉදිරි සතියේ සිට උතුරේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට කිමිඳුම් කටයුතුවල නියැලෙන ධීවරයන්ට වෙරළේ සිට සැතපුම් පහක දුරක් පමණක් භාවිත කරන ලෙස ධීවර අමාත්‍යාංශය අද(19) උපදෙස් ලබා දී ඇත. 19 September 2019
අනතුරක් කර පලා ගිය සිව්දෙනෙක් අත්අඩංගුවට රථවාහන අනතුරක් සිදුකර පොලිස් නිලධාරීන් ඉදිරිපිට දී බලහත්කාරයෙන් අනතුරට සම්බන්ධ මෝටර් රථය රැගෙන පලා ගිය පුද්ගලයින් සිව් දෙනෙකු හා මෝටර් රථය අද (19) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි. 19 September 2019
ඌවේ රා තහනම ඉවත් කරන බව ආණ්ඩුකාරවරයා කියයි ඌව පළාතේ රා මැදීමට ඇති නීතිමය බාධා ඉවත්කරන බවත්, මේ දිනවල ඒ පිළිබඳව පොලිසිය සමඟ සාකච්ඡා කරන බවත්, ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද (19) පැවසීය. 19 September 2019
නාගොඩ තෙඹුවන මාර්ගය සංවර්ධනය කෙරේ නාගොඩ - තෙඹුවන මාර්ගය සංවර්ධනය කිරීම හා බෝඹුවල නගරය පුළුල් කිරීමේ වැඩ ආරම්භ කිරිම සහ කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පෙරවරුවේ සිදුකෙරිණ. 19 September 2019
උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇතැයි වටවල පොලිසිය පවසයි. 19 September 2019
අනවසරෙයන් දැව ප්‍රවාහනය කළ රියැදුරෙක් අත්අඩංගුවට මහනුවර - කුරුණෑගල මාර්ගයේ බරිගම ප්‍රදේශයේදී, අනවසරයෙන් දැව ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථ රියැදුරකු කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 19 September 2019
ඌව සරසවිය දින නියමයකින් තොරව වසා දමයි ඌව විශ්වවිද්‍යාලයේ දෙවැනි අර්ධ වාර්ෂික අධ්‍යයන කටයුතු දින නියමයක් නොමතිව කල් දැමු බව උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 19 September 2019
කේරළ ගංජා සමඟ තිදෙනකු අත්අඩංගුවට අම්පාර, දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ කල්මුණකුඩි ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝ හතක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමට කල්මුණේ පොලිස් නිළධාරින් සමත්ව තිබේ. 19 September 2019
රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට දකුණේ හඬ සංවිධානයෙත් සහය ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට සහාය පළකරමින් “මව්බිම වෙනුවෙන් දකුණේ හඬ සංවිධානය“ අද (19) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. 19 September 2019
ලංගම වර්ජනය අත්හිටුවයි වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන ශ්‍රී ලංගම සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලංගම ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ සභාපති සමන්කුමාර මහතා පැවසීය. 19 September 2019
කඩියන්ලෙන පෙදෙසට වසර 20ක් කසළ එකතුවීමෙන් පරිසර ගැටලු නාවලපිටිය පස්බාග කෝරලය යටතේ පාලනය වන කඩියන්ලෙන නගරයට එකතුවන කසළ වසර 20ක් තිස්සේ මහවැලි ගඟට ජලය ගලා බසිනා කොරොක්කන් ඔයට ඉහළ ප්‍රදේශයට බැහැර කිරීම හේතුවෙන් පරිසර ගැටලු රැසක් මතු ව ඇති බව කඩියන්ලෙන ප්‍රදේශවාසීහු චෝදනා කරති. 19 September 2019
මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගියකු අද (19) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 19 September 2019
නිධන් හෑරූ 15 ක් අත්අඩංගුවට මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී පුරාවස්තු වනසා නිධන් හාරමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව අරගංවිල පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 19 September 2019
ටොනාඩෝවෙන් හානි වූ නිවාස - වෙළඳසැල් වලට වන්දි මාකඳුර වෙළඳසැල් සහ නිවාසවලට හානි වූවන් සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශයේ රක්ෂණ භාර අරමුදල මගින් වන්දි මුදල් සඳහා චෙක්පත් ප්රදානය කිරීම අද (18) අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බංණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. 18 September 2019
රිය අනතුරකින් දෙදෙනෙක් මරුට-4ක් රෝහලේ පොළොන්නරුව –හබරණ ප්‍රධාන මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයේදී අද(18) සවස ත්‍රිරෝද රථයක් සහ යුද හමුදා වෑන් රථයක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරුමුවට පත්ව තවත් 04 නෙකු තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි. 18 September 2019
තහනම් ලෙස ධීවර කර්මාන්තයේ නියැළුණු 8ක් අත්අඩංගුවට හම්බන්තොට බඳගිරිය වැවෙහි තහනම් ධීවර කර්මාන්තයේ යෙදුණු අටදෙනකු අද(18) අත්අඩංගුවට ගත් බව තංගල්ල ධීවර සහ සංචාරක කොට්ඨාසයේ නිලධාරීහු පවසති. 18 September 2019
කෘෂි ඇමැතිගෙන් පොහොර සභාපතිවරුන්ට උපදෙස් රජයේ ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම්වල ආරක්ෂිත යූරියා පොහොර තොගයක් පවත්වාගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අද (18) සභාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත. 18 September 2019
උතුරු පළාතේ මාර්ග ආරක්ෂණ සතියක් උතුරු පළාතේ මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා ඔක්තෝබර් 7 දා සිට 13 වැනිදා තෙක් විශේෂ මාර්ග ආරක්ෂණ සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. 18 September 2019
මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට වතුර කපයි මාතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට හෙට (19) ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි. 18 September 2019
රාවණා ඇල්ල ගල්තලාවේ ගල්කුළු පුපුරා යාමේ අවදානමක් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනු රාවණා ඇල්ල පිහිටි ස්ථානයට ඉහළින් පිහිටි ගල්තලාවේ ගල්කුළු කීපයක් පුපුරා ගොස් ඇති අතර ඒවා පහළට කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. 18 September 2019
ත්‍රීරෝද රථ අනතුරකින් තරුණයකු මරුට වැලිමඩ බොරලන්ද ප්‍රධාන මාර්ගයේ ගුරුතලාව කරගස්තැන්න ප්‍රදේශයේදී අද (18) ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක හැපී පෙරළීමෙන් තරුණයකු මියගොස් ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි. 18 September 2019
අඟුණකොළපැලැස්ස - මිද්දෙණිය මාර්ගය අවහිර කරමින් ගම්වාසීහු විරෝධතාවයක අඟුණකොළපැලැස්ස තෙලඹුයාය හරහා ජඳුර දක්වා වැටී ඇති මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ගම්වාසීහු පිරිසක් අද (18) අඟුණකොළපෑලැස්ස - මිද්දෙණිය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරතවූහ. 18 September 2019
නකල්ස්වල පක්ෂීන් විකිණිමේ ජාවාරමක් නකල්ස් ලෝක උරුම වනාන්තරයට ආසන්නයේ පිහිටි වතු ආශ්රිත පරිවාර වනාන්තරවල සිටින සැලළිහිණි, ගිරව් වැනි පක්ෂීන් නිවෙස්වල ඇති කිරිම සඳහා විකිණීමේ ජාවාරමක් රත්තොට වතු ආශ්රිත ඇතැම් පිරිස් සිදුකරගෙන යන බව පරිසරවේදීහු පවසති. 18 September 2019
කුකුලන් පැටවූ ලොරියක් කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ දී මාස හයකට ඉහත කුකුලන් පැටවු ලොරි රථයක් කොල්ල කෑමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (18) අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 18 September 2019
නව නිපැයුම් උපකරණයක් නිර්මාණය කළ සිසුවෙකුට ලක්ෂ 5 ක් ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ නව නිපැයුම් උපකරණයක් නිර්මාණය කළ සිසුවකුට ඔහුගේ ඉදිරි නිර්මාණ සඳහා රුපියල් ලක්ෂ 05ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පරිත්‍යාග කළේය. 17 September 2019
හාලිඇල ජල මූලාශ්‍ර සියයට 78 කම අශූචි හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ලබාගත් ජල සාම්පල් වල සියයට 78 කම ඊකෝලයි බැක්ටීරියා හෙවත් මිනිස් සහ සත්ත්ව අශූචිවල පවතින බැක්ටීරියා අඩංගු බව පරීක්ෂණවලින් තහවුරු වන්නේ යැයි හාලිඇල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.ඩී.කලුබෝවිල මහතා පවසයි. 17 September 2019
සැප්තැම්බර් 17 ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ලෙස නම් කරයි සැප්තැම්බර් 17 වැනිදා ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) ප්‍රකාශයට පත් කළේය. 17 September 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025