(නිශාන්ත කුමාර)
ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනු රාවණා ඇල්ල පිහිටි ස්ථානයට ඉහළින් පිහිටි ගල්තලාවේ ගල්කුළු කීපයක් පුපුරා ගොස් ඇති අතර ඒවා පහළට කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
රාවණා ඇල්ල පිහිටි ප්‍රදේශයේ සිට මීටර් 300 ක් පමණ ඉහළට වන්නට පිහිටි මෙම ගල්තලාවේ ඇතැම් ස්ථාන පුපුරා ගොස් ඇති අතර එම පුපුරා ගිය කොටස් වලින් ගැලවුණු ඇතැම් ගල් පතුරු වැසි පවතින අවස්ථා කීපයකදී පහළට කඩා වැටුණු බවද ඔවුහු පවසති.
වැසි පවත්නා අවස්ථාවන් හිදී මෙම මාර්ගයේ ස්ථාන රැසකම පසුගිය කාලය තුළ මෙවැනි ගල් කුලු කඩා වැටීම් වාර්තා වී ඇතැයි ද ජනතාව පවසති.
සංචාරකයින්ට අවදානමක් විය හැකි මෙම ගල් කුලු ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයිද ඔවුන් පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා මෙසේ කීය.
‘ දිය ඇල්ලට ඉහළින් පිහිටා තිබෙන්නේ ස්වභාවික ගල් තලාවක්. ස්වභාවික ගල් තලාව තුළ විවිධ ස්වභාවික සංසිද්ධීන් සිදු වනවා. මෙම ගල් පතුරු ගැලවීමත් එවැනි තත්වයක්. නමුත් එය සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවෙයි. ඒ නිසා මේ ස්වාභාවික පරිසර තත්ව වෙනස් කළ යුත්තේ ඒ පිළිබඳ යම් විමර්ශනයකින් පසුවයි. අනෙක ස්වභාවික පරිසරය දකින්න කැමැති බහුතරයක් සංචාරකයින් එම තත්වයන් වෙනස් කරනවාට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම මෙම ගල් කුළු කඩාවැටීමෙන් මේ වනතුරුත් කිසිදු අනතුරක් වාර්තාවී නැහැ.
නමුත් යම් අවදානමක් තිබිය හැකි නිසා දියඇල්ල නැරඹීමේ දී ඒ ආසන්නයට නොගොස් ඒ සඳහා වෙන්කර ඇති නැරඹුම් මැදිරිය හා මාර්ගයේ සිට දිය ඇල්ල නරඹන ලෙස අපි සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම මෙම ගල්කුළු වලින් සංචාරකයින්ට කිසිදු අවහිරයක් නොවන බවත් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.


2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රාවණා ඇල්ල ගල්තලාවේ ගල්කුළු පුපුරා යාමේ අවදානමක්
Perera Wednesday, 18 September 2019 07:41 AM
වේදිකාවල් වල කියන ගල් පැලෙන බොරුවල තරම තමා ඔය.