IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අඟුණකොළපැලැස්ස - මිද්දෙණිය මාර්ගය අවහිර කරමින් ගම්වාසීහු විරෝධතාවයක

 

(අනීෂා මානගේ)

අඟුණකොළපැලැස්ස තෙලඹුයාය හරහා ජඳුර දක්වා වැටී ඇති මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ගම්වාසීහු පිරිසක් අද (18) අඟුණකොළපෑලැස්ස - මිද්දෙණිය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරතවූහ.

මෙම විරෝධතාව සඳහා අඟුණකොළපැලැස්ස තෙලඹුයාය, බූවැලිආර, වීරගස්වැව සහ ජූල්මුල්ල ගම්වාසීහු දෙසීයක් පමණ එක්වූහ.

අඟුණකොළපැළැස්ස - මිද්දෙණිය ප්‍රධාන මාර්ගය බූවැලිආර හන්දිය අසලන් සම්පූර්ණයෙන් අවහිර කරමින් ගම්වාසීහු විරෝධතාවයේ නිරත වූහ. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය පැය එකහමාරක් පමණ සම්පූර්ණයෙන් අඩාල වී තිබිණි.

අඟුණකොළපැළැස්ස පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට කුපිත වූ විරෝධතාකරුවන් විසිරුවා හැරීම අසීරු විය.

අඟුණකොළපෑලැස්ස බූවැලිආර, තෙළඹුයාය, වීරගස්වැව, ජූල්මුල්ල හරහා ජඳුර දක්වා වැටී ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. වසර ගණනාවක සිට එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර නොමැති අතර එහි ගමන් කිරීමට ඉතා අසීරු බව ප්‍රදේශවාසීහු පැවසූහ.



අදහස් (0)

අඟුණකොළපැලැස්ස - මිද්දෙණිය මාර්ගය අවහිර කරමින් ගම්වාසීහු විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site