(විජේරත්න රත්නායක )
හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ලබාගත් ජල සාම්පල් වල සියයට 78 කම ඊකෝලයි බැක්ටීරියා හෙවත් මිනිස් සහ සත්ත්ව අශූචිවල පවතින බැක්ටීරියා අඩංගු බව පරීක්ෂණවලින් තහවුරු වන්නේ යැයි හාලිඇල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.ඩී.කලුබෝවිල මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ හාලිඇල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී අද (17) පැවති හාලිඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි.
සාමාන්‍යයෙන් පාසල්වල ජල සැපයුම් හා ප්‍රජා ජල යෝජනා ක්‍රම ආදිය තුළින් මසකට ජල සාම්පල් 12 ක් පමණ ලබාගන්නා අතර ඒවා බැක්ටීරියානුවේදී පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම සාම්පල් සියයට හැත්තෑ අටකම ඊකෝලයි බැක්ටීරියා අඩංගු බැවින් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට නිර්දේශ වන බවත් බොහෝ විට ප්‍රජා ජල යෝජනා ක්‍රම සහ ග්‍රාමීය හා වතු ආශ්‍රිත වෙනත් ජල මූලාශ්‍රයන්හි ජලයේ මෙම තත්වය දක්නට හැකි අතර ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජල සැපයුම්වල එම ගැටළු අඩු බවත් හෙතෙම පැවසීය.
එසේම ජලය ක්ලෝරීන්කරණය කිරීමෙන් මෙම ගැටළුව අවම වන අතර ඒ සඳහා පැය හයක්වත් ජලය එක්රැස් කර තබාගතයුතු බවත් බොහෝ සුළු පරිමාණ ජල සම්පාදන ක්‍රමයන්හි එවන් පහසුකම් නොමැතිවීම හා විධිමත් ඉදිකිරීම් නොවීම මෙම අපිරිසිදුතාවයට හේතුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එහිදී පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හාලිඇල ජල මූලාශ්‍ර සියයට 78 කම අශූචි