(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පස්බාග කෝරලය යටතේ පාලනය වන කඩියන්ලෙන නගරයට එකතුවන කසළ වසර 20ක් තිස්සේ මහවැලි ගඟට ජලය ගලා බසිනා කොරොක්කන් ඔයට ඉහළ ප්‍රදේශයට බැහැර කිරීම හේතුවෙන් පරිසර ගැටලු රැසක් මතු ව ඇති බව කඩියන්ලෙන ප්‍රදේශවාසීහු චෝදනා කරති.
නිසි පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් කසළ බැහැර කරන බවද ඔවුහු කියති.
කසළ බැහැර කරන ස්ථානයට යාබදව ග්‍රාමසේවා කාර්යාලය, මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාලය, සංවර්ධන නිලධාරී කාර්යාලය සහ පෙර පාසලද පිහිටා ඇතිබවද, දැඩි දුගඳ හේතුවෙන් ජනතාවද පීඩාවට පත් ව ඇති බවද ප්‍රදේශාවාසීහු කියති.
නාවලපිටිය පස්බාග කෝරලයේ සභාපති ඕ.ජි රෝහණ බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ කඩියන්ලෙන ප්‍රදේශයේ අක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් සොයා බලන බවයි.
කඩියන්ලෙන ප්‍රදේශයේ එකතු වන කසළ නිසි ක්‍රමවේදයකින් තොරව ප්‍රතිචක්‍රීකරණය සඳහා නාවලපිටිය ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩමක් හඳුනාගෙන ඇති බවත්, එම ඉඩම ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා කීය.
එම ඉඩම ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමෙන් අනතුරුව කඩියන්ලෙන ප්‍රදේශයේ කසළ බැහැර කිරීම නතර කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා කියා සිටියේය.



2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
819
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කඩියන්ලෙන පෙදෙසට වසර 20ක් කසළ එකතුවීමෙන් පරිසර ගැටලු