(ටී.කේ.ජී.කපිල)
මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගියකු අද (19) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයා 29 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.
ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි, ප්‍රකාශයට පත් කර තීරු බදු ගෙවා ගමන් මලු රැගෙන යන රක්ත මාවත ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
එහි රුපියල් 8,642,150 ක් වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් දෙකක් ලෙස සකස් කර තිබී ඇත. ඒවායේ මුළු බර ග්‍රෑම් 864.215ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට