IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


ඌවේ රා තහනම ඉවත් කරන බව ආණ්ඩුකාරවරයා කියයි

(පාලිත ආරියවංශ)
 
ඌව පළාතේ රා මැදීමට ඇති නීතිමය බාධා ඉවත්කරන බවත්, මේ දිනවල ඒ පිළිබඳව පොලිසිය සමඟ සාකච්ඡා කරන  බවත්, ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා  අද (19)  පැවසීය.
 
බදුල්ල තැපැල් සංකීර්ණ  ශ්‍රවණාගාරයේදී පැවති පළාත් සංවර්ධනය සමූපකාරයේ දායකත්වය මැයින්  වූ සම්මන්ත්‍රණයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
 
මහනුවර පළාතේ ආණ්ඩුකාරවරයා  රා තහනම ඉවත් කළ ආකාරයට ඌවේද එම තහනම ඉවත්කරන බවද හෙතෙම අවධාරණය කළේය.
 
ඌවේ කිතුල් කර්මාන්තය නංවාලීමට පමණක් නොව කෘෂිකර්මය ඇතුළු ව්‍යාවසායක කටයුතු සඳහා  සමූපකාර සමිති සතු මුදල් උපයෝගී කරගත හැකි බවත් එතුළින්  ගම නගා  සිටුවිය හැකි බවත්  ඔහු පෙන්වා දුන්නේය.
 
ගම්වල ජනතාව  පෞද්ගලික අංශ වෙතින්  විශාල වශයෙන් ක්ෂුද්‍ර ණය  ලබාගෙන එම ණය ගෙවා ගත නොහැකිව බරපතල ප්‍රශ්නවලට ගොදුරුවී ඇති අවධාරණය කළ ආණ්ඩුකාරවරයා සමුපකාර මගින් සුළු පොලියක් යටතේ මෙම ජනතාවට  කෘෂිකර්ම හා ස්වයං රැකියා කටයුතු සඳහා ණය ලබාදීමට කටයුතු කළහොත් මේ අසාධාරණයෙන් බේරාගත හැකි බවද  කීවේය.
පරිසරය ආක්ෂා නොකළහොත් ඌව පළාත නුදුරුදිනයේ කාන්තාරයක් වීම වැළැක්වීමට නොහැකි බව පෙන්වාදුන් ආණ්ඩුකාරවරයා පරිසරය සුරකිමින් රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සමූපකාර ක්‍රමයට කළ යුතු බව ‍පැවසීය.
 
ඌව පළාතේ සමුපකාර සමිතිවල නිලධාරීහු සහ  සමුපකාර ග්‍රාමීය බැංකු නිලධාරීහු මීට සහභාගී වූහ.



අදහස් (0)

ඌවේ රා තහනම ඉවත් කරන බව ආණ්ඩුකාරවරයා කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32472 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14978 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9920 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site