(එෆ්.අස්ලම්)
උතුරු පළාතේ මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා ඔක්තෝබර් 7 දා සිට 13 වැනිදා තෙක් විශේෂ මාර්ග ආරක්ෂණ සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.
උතුරු පළාතේ වැඩිවන මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාර්ග ආරක්ෂණ සතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී පළාත පුරා විවිධ මට්ටම්වලින් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, පාසල්වල සිසු රථවාහන අංශ ඇති කිරීම, විනයගරුක රියදුරන්ට ගෞරව කිරීම, අනතුරු අවම ප්‍රදේශ සහිත පොලිස් ස්ථාන තෝරා ගැනීම සහ අනතුරු බහුල ප්‍රදේශවල පොලිස් ආකෘති නිරන්තරයෙන් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.
මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපති, පළාත් මාර්ග සංවර්ධන දේපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරු පළාතේ මාර්ග ආරක්ෂණ සතියක්