(අජිත්ලාල් ශාන්තඋදය)
ගැඩුඹ ගසක් කඩා වැටීම නිසා කුරුවිට නගරයේ සිට පාතගම, හල්පේ හරහා ගොරකඇළ මාර්ගයේ වාහන සහ පයින් ගමන් කිරිමද අද (20) පෙරවරුවේ පැය කිහිපයක් ඇණ හිටියේය.
කුරුවිට නගරයේ ගෝනපිටිය හන්දියට මීටර් සියයක් පමණ දුරින් දොඹගහ ඇළ හරහා ඇති පාලමට එගොඩින් මෙම ගස කඩා වැටී තිබුණි. පෙරවරු 9.00ත් 10.00ය් අතර කාලයේ මෙම ගසා කඩාවැටුණු බව කුරුවිට පොලිසිය පැවසුවේය.
ගස කඩාවැටීමෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම කොළ අතුවලින් වැසී ගොස් තිබුණි. දුරකතන සහ විදුලි රැහැන් වලටද ගස කඩාවැටීමෙන් බාධා එල්ල වී තිබුණි. මෙම මාර්ගයේ පොදු ගමන් සේවා කිහිපයක් ද, පාසල් දරුවන් සහ ප‍්‍රවාහනය කරන බස් සහ වෑන් කිහිපයක් ද ධාවනය වෙයි.

2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගසක් කඩා වැටී කුරුවිට ගොරකඇළ මාර්ගය අවහිර වෙයි