IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටොනාඩෝවෙන් පන්නල වසම් 4කට බර හානි

(හේමලතා ඩී හේවගේ)   
                                          
පන්නල නගරයට බලපෑ ටොනාඩෝ තත්වය හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 4ක නිවාස 50ක්, ව්‍යාපාරික ස්ථාන 65ක්, රථවාහන 5ක්, පන්නල රෝහල, සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයකට අලාභ හානි සිදුව ඇතැයි පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.
 
අධික වර්ෂාවත් සමග ඇති වූ කුණාටු තත්වයෙන් මාකදුර ඉහළ, මකදුර පහළ, හෙන්ඩිගල සහ පන්වල කුඹුර යන ග්‍රාම සේවා වසම් හතරෙහි ජනතාව පීඩාවට පත්ව ඇතැයිද, පන්වල කුඹුර ග්‍රාමයේ නිවාස කිහිපයක් මතට විශාල ගස් කඩා වැටී ඇතැයිද ඒ මහතා කීය.
 
හානි සිදුව ඇති නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට ආපදා කළමණාකරන අමාත්‍යංශයේ රක්ෂණ භාර අරමුදල මගින් රුපියල් 25,000ක පමණ වන්දි මුදල් ලබාදීමටත්, රුපියල් 10,000කට වඩා අඩු හානි සිදුවූ ස්ථාන සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශ  මගින් කඩිනමින් මුදල් ලබාදීමටත් අවශ්‍ය තොරතුරු මේවනවිට සකස් කරන බවද ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 
                                               
මාකඳුර සතිපොළට රුපියල් ලක්ෂ 30කට වැඩි හානියක් හා කොම්පෝස්ට් අංගනයට රුපියල් ලක්ෂ 50කට වැඩි හානියක් සිදුව ඇති බවත්, නගරයේ කැඞී බිඳී ගිය ස්ථානවල සුන්බුන් ඉවත්කර පිරිසිදු කිරීම සඳහා සභාවේ සේවකයන් යොදවා ඇති බවත් පන්නල ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා පැවසීය.                                                                        
සඳලංකාව දිසා රෝහලේ වෛද්‍ය ඩී. පී. රණසිංහ මහතා පැවසුවේ රෝහලේ භික්ෂු වාට්ටුවට හා තවත් ගොඩනැගිලි කිහිපයක වහලවලට සුළගින් හානි සිදුව ඇතිබවය.          
                                 
මාකඳුර නගරයේ ව්‍යාපාරික ස්ථාන විශාල ප‍්‍රමාණයකට මෙම සුළගින් හානි සිදුව ඇති බවත් අලාභය මෙතැකැයි ගණන් බැලීමට නොහැකි බවත් මාකඳුර එක්සත් වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් මහතාද පැවසීය.    



අදහස් (0)

ටොනාඩෝවෙන් පන්නල වසම් 4කට බර හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site