IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යාපනයේ අවන්හල් හිමිවරුන්ට නීතිමය පියවර

රොමේෂ් මධුෂංඛ

උතුරු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය  සුරේන් රාඝවන්  මහතාගේ උපදෙස් පරිදි චාවකච්චේරි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  තෙන්මරාඩ්චි ප්‍රදේශයේ  අවන්හල් 14 ක් හදිසියේ පරීක්ෂාවට ලක් කෙරිණි.

තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්  චාවකච්චේරි, කොඩිකාමම් සහ මිරුසුවිල් යන ප්‍රදේශවල පිහිටි අවන්හල්වල මෙලෙස පරීක්ෂා කරන ලද අතර අවන්හල් 11 ක් සනීපාරක්ෂක ගැටලු රැසක් ඇති ස්ථාන මෙන්ම අපිරිසිදු ආහාර පිළියෙළ කරන ස්ථාන බවට සොයා ගැණිනි.

එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර සහිත අවන්හල් හතරකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලද අතර අවන්හල් 2 ක තිබී සොයාගත් සෞඛ්‍යයට අහිතකර ආහාර විනාශ කර අනෙකුත් අවන්හල් සුදුසුකම් සහිත අවන්හල් බවට පත් කිරීමට කාලය ලබාදෙන ලදී එසේ  උපදෙස් නොපිළිපදින අවන්හල් සඳහා  නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

මෙම සෝදිසි පරීක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හය දෙනෙකු සමඟ එක් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයකු  සහභාගී වූහ.



අදහස් (0)

යාපනයේ අවන්හල් හිමිවරුන්ට නීතිමය පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site