IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහ කන්නයේ පොහොර කඩිනමින් ගෙන්වන්න උපදෙස්

(මනෝජ් හර්ෂික)
 
මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය සැප්තැම්බර් මාසය අවසන්වීමට පෙර ගෙන්වා අවසන් කරන ලෙස රජයේ පොහොර සමාගම් සඳහා උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා අද (16) සඳහන් කළේය.
 
නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සඳහා සෙවිලි තහඩු ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ කීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
 
“යූරියා මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නැවක් සැප්තැම්බර් මස 26වැනිදා  ලංකාවට එනවා. මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය ඒ ගෙනෙන පොහොරවලින් සම්පුර්ණ වෙනවා.
 
මෙවර අපි රුසියාව, වියට්නාමය සහ චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් ඉහළ පොහොර ගොවීන්ට ලබාදීමට කටයුතු කරනවා. පෙර කන්නවලදී නියමිත වේලාවට පොහොර ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ගොවියන් අපහසුතාවට පත්වුණා. එහෙත් මේ වසරේ දී පොහොර නිසි වේලාවට ලබා දීමට මම කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා එහිදී කීය.



අදහස් (0)

මහ කන්නයේ පොහොර කඩිනමින් ගෙන්වන්න උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site