(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟේ වැලිකන්ද කටුවන්විල පෙදෙසෙන් ට‍්‍රැක්ටර් දමා වැලි ජාවරමක නියැලී සිටි දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව මනම්පිටිය වනජීවි කාර්යාලය පවසයි.
වැටලීමට ගිය අවස්ථාවේ දී වනජීවියට අයත් කැබ් රථයක් මග හරස් කර දමා ටයර් වලට ඇණ ගැසීමට සූදානම්ව සිටි තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ වැලිපැටවු ට‍්‍රැක්ටර් දෙකක් පොලිස් බාරයට ගැණිනි.
එලෙස අද අලුයම මහවැලි ගඟට ට‍්‍රැක්ටර් 10 ක් පමණ නීතිවිරෝධීව වැලි ගොඩ දමන ජාවාරම්කරුවන් වැටලීමට ගිය විට ඔවුන්ගෙන් කිහිපදෙනෙකු පලා ගොස් ඇති බවත් කොටු වූ දෙදෙනෙකු වැලි පැටවූ ට‍්‍රැක්ටර් දෙක සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් අවුරුදු 45 ක සහ අවුරුදු 23 ක පිය පුතු දෙපළ සමඟ වැලි පැටවූ ට‍්‍රැක්ටර් රථ දෙක පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැලි ජාවාරම්කරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට