IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ග්‍රාම නිලධාරිනියගේ රාජකාරියට බාධා කළ රියැදුරු යළි රිමාන්ඩ්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

ග්‍රාම නිලධාරිනියකගේ රාජකාරියට බාධාකළ සහ බලපත් රහිතව තේක්ක දැව ප්‍රවාහනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ලොරි රථ රියදුරකු සැප්තැම්බර් 26 වැනි දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(17) නියෝග කළේය.
 
බලන්ගොඩ ඇල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි සැකකාර රියැදුරෙකු මෙලෙස රිමාන්ඩ් කෙරිණි.

පසුගිය 02 වැනි දින  බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත්  තලංගම ග්‍රාම සේවා වසම තුළ, බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ  ලොරි රථයක් නතර කළ තලංගම ග්‍රාම සේවා නිලධාරිනිය එය පරීක්ෂා කිරීමේදී, එම රියැදුරා ඇයගේ රාජකාරියට බාධා කර ඇත.
 
මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනිය විසින් බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබිණි. පොලිස් නිලධාරීන් රියදුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, අද(17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
 
බලන්ගොඩ පොලිසියේ නුවන්(39448) සහ ආරියසේන (32186) යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහ.



අදහස් (0)

ග්‍රාම නිලධාරිනියගේ රාජකාරියට බාධා කළ රියැදුරු යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site