(අනීෂා මානගේ)
තංගල්ල ඩිපෝවේ බස් රථ ගරාජයක අද (16) පස්වරුවේ හදිසියේ ගින්නකින් හටගෙන ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
තංගල්ල ඩිපෝවේ බස් රථ අලුත්වැඩියා කරන ගරාජයක පස්වරු 5.45 ට පමණ ගින්න හටගෙන තිබිණි.
බස් රථයක් අලුත්වැඩියා කරමින් සිටියදී හදිසියේ ගෑස් ටැංකියක නළයක් පුපුරා යාම නිසා ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.
කිසිවෙකුටත් ගින්නෙන් හානි සිදුවී නොතිබිණි.
බස් රථ දෙකක් අතර ගින්න හටගෙන තිබූ අතර ඩිපෝවේ ගාල් කර තිබූ බස් රථවලට හෝ ගරාජයේ තිබූ බස්රථවලට ගින්නෙන් හානි සිදුව නොතිබිණි.
තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීහු, තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ඩිපෝ සේවකයින් සමඟ එකතු වී ගින්න නිවා දැමීමට කටයුතු කළහ.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තංගල්ල ඩිපෝවේ ගින්නක්