(ක.ග.කරුණාරත්න)
කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවරයක් සිදුකිරීමට තැත්කළ බව කියන සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයකු හිඟුරක්ගොඩ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 5000 මුදල් ඇප මත මුදාහරින ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් ඒ.ඒ.නාලක බණ්ඩාර මහතා අද(15) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරින ලද්දේ හිඟුරක්ගොඩ, ජයපුර පදිංචි අයෙකි.
සිද්ධියට මුහුණපෑ කාන්තාවගෙන් ලැබණු පැමිනිල්ලකට අනුව හිඟුරක්ගොඩ පොලීසිය විමර්ශන සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට කරුණු වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd