(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරය අසල නවතා තිබූ මෝටර් රථයක පැති කන්නාඩි ගලවමින් සිටි පුද්ගලයකු අද (13) පස්වරුවේ එම මොහොතේදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් සී.සී.ටී.වී කොට්ඨාසය වැලිකඩ බන්ධනාගාරය අසල සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවක අද පස්වරු 2.50 ට පමණ සැකකරු එම පැති කන්නාඩිය ගලවන අයුරු නිරීක්ෂණය වී ඇති අතර සී.සී.ටී.වී කොට්ඨාසය සිද්ධිය බොරැල්ල පොලිසියට කළ දැනුම් දීමකට අනුව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් සැකකරු ගැල වූ පැති කණ්නාඩිය ද සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පංචිකාවත්තේ පදිංචි (39) හැවිරිදි පුද්ගලයෙකි.මොහු හෙට (14) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් හොරු අල්ලාගෙන දඩුවම් කළ යුතුයි.