(උපාලි ආනන්ද)
තම බිරිඳට සහ දරුවන්ට පහරදී විවිධ වද හිංසා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ළමා සංවර්ධන නිලධාරීවරයෙකු මේ මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාෂ් මහත්මිය නියෝග කළාය.
මෙසේ බන්ධනාගාර ගත කළේ උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනියුක්තව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කරන ළමා සංවර්ධන නිලධාරී එම්.තෙන්නකෝන් නැමැති 52 හැවිරිදි දෙදරු පියෙකි.
අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd