IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා-තරුණිය රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
සාදවලට මත්පෙති බෙදා හරින තරුණයින් තිදෙනෙකු සහ තරුණියක් මත් පෙති 120ක්ද සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  26වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ අත්තිඩිය ,දෙහිවල, සහ බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචි වික්‍රමරත්නගේ තාරක මධුසංක(25) වික්‍රමාරච්චි පතිරැන්නැහෙලාගේ සංජය කුමාර(30)ප්‍රනිත් දිල්ශාන් කුමාර(24) කිරුම්බර ආරච්චිගේ සඳුනි මධුශානි(23) යන සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය වේ .
 
ඔවුන් කුලියට ගන්නා ලද මෝටර් රථයකින් හික්කඩුව ප්‍රදේශයේ සාදවලට බෙදා හැරිම සඳහා මත්පෙති තොගයක් රැගෙන එන බවට ලැබුන තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (12)රාත්‍රි හික්කඩුව බද්දේගම දුම්රිය හරස් මාර්ගයේදි සැකකරුවන්  අත් අඩංගුවට ගෙන ඇත.
 
ඔවන් පරික්ෂා කිරිමෙදි මත්පෙති 120ක් සොයාගෙන ඇති අතර පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මුහුණ පොත හරහා පවත්වනු ලබන සාදවට සහ විදේශිකයින්ට අලෙවි කිරිම සඳහා මෙම මත්පෙති රැගෙන විත් ඇති බවය.එක පෙත්තක් රුපියල් 4000සිට 5000දක්වා මිල ගණන්වලට අලෙවි කරන බවද අනාවරණයවි තිබේ. මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරින් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී



අදහස් (0)

මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා-තරුණිය රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32470 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14972 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site