IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගිනි අවි 2 ක් - උන්ඩ 18 ක් සමඟ පොලිස් නිලධාරීන් 2 ක් අත්අඩංගුවට

(නිමල් ජයරත්න)

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පොතෙහි සටහන් යොදා වැලිකන්ද පොලිසියෙන් බැහැරව ගිය පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු පිස්තොල දෙකක්, උණ්ඩ 18 ක් සහ මෝටර් රථයක් සමඟ අද (15) සවස අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

කල්මුණේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම රථ වාහන පොලිස් නිලධාරින් දෙදෙනා සිවිල් ඇඳුමින් සිට ඇති අතර ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බව අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම රථවාහන පොලිස් නිලධාරින් දෙදෙනා අද උදැසන පොලිස් පොතෙහි සටහන් යොදා පිටව ගොස් ඇත්තේ වැලිකන්ද සිංහපුර ප‍්‍රදේශයේ පදිංචි වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යන බව සටහන් කරමිනි.

සිංහපුර ප‍්‍රදේශයේ පදිංචි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යන බව පවසා පොතෙහි සටහනක්ද යොදා සිවිල් ඇඳුමින් සැරසි පිස්තෝල දෙකක්ද සමඟ මෝටර් රථයකින් කල්මුණේ ප‍්‍රදේශයට පැමිණීමට හේතුව කුමක්දැයි සොයා බලන බව අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

වැලිකන්ද පොලිස් ස්ථාධිපතිවරයා පැවසුවේ එම සිද්ධිය පිළිබඳව මේ වන විට පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණ කටයුතු අරම්භ කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු අම්පාර විශේෂ කාර්ය බලකාය සහ වැලිකන්ද පොලිස් ස්ථානය එක්ව සිදු කරන බව එහි පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.



අදහස් (0)

ගිනි අවි 2 ක් - උන්ඩ 18 ක් සමඟ පොලිස් නිලධාරීන් 2 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site