IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


දිඹුලාගල මහවැලි නිලධාරීන්ට එරෙහිව පිරිසක් විරෝධතාවයක

(නිමල් ජයරත්න)

මනම්පිටිය ‘ශූභාරංචි සේවා මධ්‍යස්ථානයේ‘  පියතුමාට දිඹුලාගල මහවැලි නිලධාරීන් පිරිසක් පහරදී පියතුමා විසින් සිටවූ කුඹුක් පැළ ගලවා ඒවාට හානි කළැයි පවසා එම සේවා මධ්‍යස්ථානයේ සිසුහු සහ ඔවුන්ගේ මව්පියවරු පිරිසක් අද (12) සවස විරෝධතාවයක නිරත වූහ.

ඉකුත් 11 වැනිදා මහවැලි නිලධාරීන් පිරිසක් පැමිණ එම සේවා මධ්‍යස්ථානය අවට සිටවා තිබූ කුඹුක් පැළ ගලවා විනාශ කර මධ්‍යස්ථානය භාර නිශාන්ත ඩැනියල් පියතුමාට පහරදී පලාගොස් ඇතැයි විරෝධතාවයේ නිරත වූ පිරිස කියති.

මේ පිළිබඳව ඔවුන් පොළොන්නරුව පොලිසියටද පැමිණිල්ලක් ගොනු කළ බව විරෝධතාවයේ නිරත වූ පිරිස් පැවැසූහ.

මෙම සිද්ධිය පිළිබඳව දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ කළමනාකරු තුසිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තම නිලධාරීන් පියතුමාට පහරදීමක් නොකළ බවත් මහවැලි අධිකාරියට අයත් බිම් කොටසක් එම සේවා මධ්‍යස්ථානය මගින් අනවසරෙන් අත්පත් කරගෙන ඇති බවත් ඒම කුඹුක් පැල ඉවත් කිරීමට ගිය මහවැලි නිලධාරීන්ට බැන වැදී ඇති බවත්ය.

මේ පිළිබඳව තමන්ද පොළොන්නරුව පොලිසියට පැමිණිලක් ගොනු කළ බව තුසිත හේරත් මහතා පැවැසීය.

 

 

 



අදහස් (0)

දිඹුලාගල මහවැලි නිලධාරීන්ට එරෙහිව පිරිසක් විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32470 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14973 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site