(රන්ජන් කස්තුරි)
එක්සත් ජානතා නිදහස් සන්ධානයේ පුරප්පාඩුව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජානතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසුව ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විය.
කුරුණෑගල හිස්වූ මන්ත්‍රී ධූරයට මනාප ලැයිස්තුවෙන් පත්වීමට ශාන්ත බණ්ඩාර මහතා අපේක්ෂාකළද ඔහුට එම අවස්ථාව අහිමි විය.
පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් ශාන්ත බණ්ඩාර මහතාගේ නම අද (12) මැතිවරණ කොමිසමට යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනම් පොහොට්ටුවට ගිය අය වෙනුවටත් අලුතෙන් අය පත් කරන්න ඕන නේද? මොකද ඒ අය ශ්‍රීලනිපය දාලා ගිය අයනේ.
මෙහෙම පීච්චන් දේශපාලකයන්ගෙන් මේ රටට ඇති වැඩේ මොකක්ද?