(ඩී.ජී.සුගතපාල)
ප්‍රථම වතාවට ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ ගැටලු ඉදිරිපත් කිරිම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇතැයි දකුණු පළාත් කෘෂීකර්ම අධ්‍යක්ෂ මහේෂ් සුබසිංහ මහතා පවසයි.
දිනපතා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා මෙම දුරකතන අංකවලට හදිසි ගැටලු ඉදිරිපත් කළ හැකි අතර ඒ අනුව වහාම එම ගැටලුව ඇති ගොවි මහතා හමුවීමට කෘෂීකර්ම උපදේශක නිලධාරින් යවා විසඳුම් ලබාදෙන බවය.
පළාතේ කෘෂි කර්මාන්තය නංවාලීමේ අරමුණින් මෙම පියවර ගත් බවද පැවසු ඒ මහතා කියා සිටියේ විශේෂයෙන් තරුණ පරම්පරාව කෘෂි කර්මාන්තයට නැඹුරු කිරීම සඳහා වැඩ සටහන් රැසක් ද ක්‍රියාත්මක කර තිබෙන බවයි.
ඒ යටතේ කෘෂි ව්‍යවසායකයින් දිරි ගැන්වීම, ඔවුනට අවශ්‍ය පහසුකම් ලබාදීම, සහනාධාර මත නවීන යන්ත්‍ර සුත්‍ර ලබාදීම, තාක්ෂණය හඳුන්වා දීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද මහේෂ් සුබසිංහ මහතා පැවසීය.
ඉදිරියේදී මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් ගොවි ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංක ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ක්ෂණික දුරකතන අංක ගාල්ල දිස්ත්‍රික්කය 0912221920, 0717011920 එම දුරකතන අංක වේ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ගාලු ගොවි ගැටලුවලට ඇමැතුම් අංකයක්