(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, පුනරීන්, අරසපුරකුලම් වැවේ දිය නෑමට ගොස් රොන් මඩ සහිත දිය වළක එරී දියේ ගිලෙමින් සිටි කාන්තාවක හා ඇගේ දරුවන් දෙදෙනා බේරාගැනීමට කිලිනොච්චිය යුද හමුදා සෙබළු දෙදෙනක් සමත්වූහ.
කිලිනොච්චිය, පුනරීන්, හතර කණුව ප්‍රදේශයේ පදිංචි ඩී.තෙරුනාල් ඇලෝසියස් නමැත්තා සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ වැවේ දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේ බිරිඳ හා දරුවන් දෙදෙනෙකු මඩේ එරී දියේ ගිලී ඇති බව කිලිනොච්චි යුද හමුදාව පවසයි.
සෙබළු දෙදෙනා තම ජීවිතය පරදුවට තබා කාන්තාව සහ ඇගේ දරුවන් නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්වූහ.
එලෙස දියේ ගිලෙමින් සිටියදී බේරාගනු ලැබුවේ ඇලෝසියස් ජයන්තිමාලා (44) මව සහ එම පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වු ඇලෝසියස් අම්බරාසා (14) , දෙවැනි පිරිමි දරුවා වු ඇලෝසියස් අනුස්තන් (12) යන දරුවන් දෙදෙනාය.
වැවට බසින ලද දරුවෙකු රොන්මඩ සහිත වළෙහි පළමුවෙන් ගිලී ඇති අතර, එම දරුවා බේරා ගැනීමට මව හා තවත් දරුවෙකු වළට බැස ඇති බවත් එහිදි එම තිදෙනාම මඩ වළෙහි එරී ඇති බවත් පැවසේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන් වන ඔබලා විසින් තම ජිවිත ගැන නොතකා කළ මෙම සත් ක්‍රියාව පිලිබදව අප ස්තුතිවන්ත වන්නෙමු. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා !!!