IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


මා ඔයේ ඉවුරු ඛාදනයෙන් පන්නල විහාරස්ථානයක් අනතුරේ

(හේමලතා ඩී හේවගේ)

                                                     

පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹුඩාව ගංගාරාම විහාරස්ථානයට අයත් භූමිය මාඔයේ ඉවුරු ඛාදනයෙන් පස් කඩාගෙන ගොස් ඇතැයි විහාරස්ථ දායක සභාව සහ ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.                                                

වසර 300 කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානය අක්කර 3 ක් පමණ භූමියක භාගයක පිහිටා තිබේ.

අද වනවිට ඉන් විශාල කොටසක් වටිනා ගස් කොලන්ද  ඔයට බිලිවෙමින් පවතින එහි ගිය අපට ද දැකගන්නට හැකිවිය.

මෙම විහාරස්ථාන භූමියට සිදුවෙන හානිය පිළිබඳව එහි විහාරවාසී කරඳගොල්ලේ සුමනරතන හිමියන් මෙසේ පැවසූහ.

‘මේ විහාරස්ථානයේ වැඩ ඉන්නේ පස්වන පරම්පරාව. මේ ඉඩම මා ඔයට කඩාගෙන යන්න පටන් අරන් දැන් වසර 20 ක් විතර වෙනවා. මේ විහාරස්ථානයට එනකොට මා ඔය දෙපැත්තේ ඉවුර එකම වැලි තලාවක් තිබුණා.  මිනිස්සු වැලි ගොඩදාන්න පටන්ගත්ත නිසා ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඒ වැලි තලාව නැතිවෙලා  ඔයේ මහ ගල් පෑදෙන්න පටන් ගත්තා. ඉවුර දෙපැත්තම මා ඔයට කඩාගෙන ගියා. මේ යන විදිහට ගියොත් තව වසරක් දෙකක් යනකොට විහාරස්ථානයට චෛත්‍යක් ඉතුරුවෙන්නේ නැහැ. දැනටමත් පන්සල් භූමියෙන් පර්චස් 60 ක් විතර ඔයට කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. මේ සිදුවෙන විනාශයට සහනයක් ලබාදෙන්න කියා අපි 2009  ඉඳන් අදාල අංශ දැනුවත් කළා. නමුත් ඒවා ක‍්‍රියාත්මක වුණේ නැහැ.

පසුව බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතාව අපි අවස්ථා කිහිපයකදීම දැනුවත් කළා. එතුමා මේ සම්බන්ධව සොයලා බලා වාරිමර්ග නිලධාරීන් මෙම ස්ථානයට එවලා තිබුණා. මේ භූමියේ ඉතිරි කොටස හරි ආරක්ෂා කරගන්න බැම්මක් බඳින්න ඇස්තමේන්තුත් සකස් කළා. අපි ඒ බැම්ම ඉදිකිරීමට අවශ්‍ය ශ‍්‍රම දායකත්වය කළුගල් වැනි අමුද්‍රව්‍ය කොටසක් හරි සපයා දෙන්න සූදානම්. නමුත් අවශ්‍ය තාක්ෂණික දැනුම අපට නැහැ.’



අදහස් (0)

මා ඔයේ ඉවුරු ඛාදනයෙන් පන්නල විහාරස්ථානයක් අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 216 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site