(බන්දු තඹවිට)
අගලවත්ත වියන්ගල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකදී පීරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වියන්ගල්ල,අගලවත්ත පදිංචි බුහාරි මොහොමඩ් මුස්තාපා නමැති 58 හැවිරිදි පස් දරු පියෙකු බව පොලිසිය කියයි.
මියගිය අය හා අසල්වැසියන් පිරිසක් සමඟ ඊයේ (08) සවස කිසියම් බහිම්බස් වීමක් සිදුවී ඇති අතර පසුව එදිනම රාත්‍රීයේ මියගිය අයගේ නිවසේ නවතා තිබූ ත්‍රී රෝද රථ දෙකක ආවරණ රෙදි කපා දමා ඇත.
එම සිද්ධිය පිළිබඳව අද (09) නැවත දෙපිරස අතර බහිම්බස් වීමක් සිදුවී එය දුරදිග ගොස් මියගිය පුද්ගලයාට පීරකින් ඇනීම නිසා තුවාල ලබා පිඹුර රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහලට ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම මරණය පිළිබඳව සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් මියගිය පුද්ගලයාට පහර දුන් බවට සැකකරන පීරද සමඟ අගලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිව් දෙනාම මුස්ලිම් ජාතිකයන් බව පොලිසිය පවසයි.
මෙම මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය විසින් සිදුකළ අතර මියගිය අයගේ දේහය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමුකරන ලෙස නියෝග කළේය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
අගලවත්තේදී පීරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරලා