IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


ලංගම බස් රථයේ ගැටුණු මවට - දරුවාට බරපතලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අද (06) සවස පාපැදියෙන්  ගමන් ගත් මවක් හා දරුවකු ලංගම බස් රථයක ගැටීමේන් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය කච්චිමඩුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මවක් හා 9 හැවිරිදි පිරිමි දරුවෙක් බව පොලිසිය කියයි.

කොට්ටුකච්චිය 10 කනුව මංසන්දියේ උපකාරක පංතියක සිටි දරුවා රැගෙන පාපැදියකින් ගමන් කරමින් සිටි මෙම කාන්තාව කොට්ටුකච්චිය දෙසට ගමන් කරමින් සිටියදී එම දිශාවටම ගමන් කළ පුත්තලම කුරුණෑගල  ලංගම බස් රථය පාපැදියේ ගැටී ඇති බව පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබේ.

අනතුරින් දරුවා මීටර් 20 ක් පමණ දුරකට විසිවී තිබූ අතර මව බරපතල ලෙස අසාධ්‍යව මීටර් 40 ක් පමණ දුරක වැටී සිටි බව පොලිසිය කියයි.

බරපතල තත්වයේ සිටි දරුවා සහ මව ආණමඩුව මූලික රෝහලට රැගෙන ගොස් තිබූ අතර බරපතල තත්වයේ පසුවු මව කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙකු කීය.අනතුරින් පසුව පලා ගොස් සිටි කාර්යාල බස් රථයේ රියදුරා ආණමඩුව පොලිසියට භාර දී තිබුනී.

 

 



අදහස් (0)

ලංගම බස් රථයේ ගැටුණු මවට - දරුවාට බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 216 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site