(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
හබරාදුව පොලිස් වසමේ උනවටුන දෙනියවත්තේ පෞද්ගලික නිවසක ලැඟුම් ගෙන සිටි 67 හැවිරිදි ජර්මන් ජාතික සංචාරකයෙක් අභිරහස් ලෙස මියගොස් සිටියදි ඔහුගේ මෘත ශරීරය සොයාගත් බව හබරාදුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ එච්.බි.ඩබ්ලිව්. ලැබිටෝරි නැමැත්තෙකි. පොලිසිය පවසන්නේ මෙම සංචාරකයා දීර්ඝ කාලයක් මෙරට තුල රැඳී සිට ඇති බවට තොරතුරු හෙලිවී ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd