(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත වැල්ල කල්ලුකුලිය ධීවර ගම්මානයේ පදිංචි ධීවර කාන්තාවක් කැස්බෑවකු මරා මස් කරමින් සිටියදී අත්අඩංගුවට ගත හැකි වූ බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීහු පැවැසුහ.
හදිසියේ ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වහාම කල්ලුකුලියේ පිහිටි සැකකාරියගේ නිවස වෙත ගොස් පරීක්ෂා කළ අවස්ථාවේ දී ඇය සිය නිවස පිටුපස සිටිමින් කැස්බෑවා මරා මස් කරමින් සිට තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය සමඟ කැස්බෑ මස් කිලෝ 17 ක් හා කැස්බෑවාගේ කටුව ද පොලිස් බාරයට ගෙන ඇත.
මසුන් මැරිම පිණිස මුහුදු ගොස් සිටියදී දැළක පැටලීමෙන් අල්ලා ගනු ලැබු මෙම කැස්බෑවා පසුවන ගොඩ ගෙන මරා මස් විකිණීම පිණිස මෙසේ මරා ඇත.
සැකකාරිය හා මස් තොගය හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd