(රංජිත් රාජපක්ෂ)
හැටන් දිඹුල රොසිටා වතුයායේ වතු නිවාස පේලියක අද (02) හටගත් ගින්නකින් වතු නිවාස අටක් ගිනිගෙන විනාශ වී ඇති බව දිඹුල පොලිසිය පැවසීය.
අද පස්වරු 5 පමණ එම වතු නිවාස පේලියේ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බව පොලිසිය සඳහන් කරයි.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කීය.
පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් , දිඹුල පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එක්ව පාලනය කර ඇත.
ගින්න පැතිර යාමත් සමඟ එම වතු නිවාස පේලියට ලබා දී තිබූ විදුලි බලයද තාවකාලිකව විසන්ධි කර ඇති අතර ගින්නෙන් වතු නිවසක තිබූ යතුරුපැදියක් සහ වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදියද විනාශ වී ඇති බව පොලිසිය පැවැසීය.
ගින්නෙන් වතු නිවාස 8 කට සමාජිකයන් 20 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර ඔවුන් වතුයායේ වෙනත් ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය කීය.



ඡායාරූප - සුදත් එච්. එම්. හේවා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd