(හාලිඇල- විජේරත්න රත්නායක)
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් සිදුකළ හදිසි වැටලීමකට අනුව වෙළඳාම් කටයුතුවලදී නීති විරෝධී කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ බදුල්ල හා මීගහකිවුල ප්‍රදේශවල වෙළෙන්ඳන් සිවු දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට එම කාර්යාලයීය නිලධාරීන් පියවර ගෙන තිබේ.
අදාළ වැටලීම්වලට අනුව මීගහකිවුල සතිපොලේ එළවළු අලෙවි කිරීම පිණිස අදාළ වර්ෂය සඳහා මුද්‍රා නොකළ ඉලෙක්ට්‍රොනික තරාදියක් භාවිතා කළ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි වෙළෙන්ඳෙකුට, කෙසෙල් ආදිය අලෙවි කිරීමට අනුමත නොකළ මාදිලියක කිරුම් උපකරණයක් භාවිතා කළ බදුල්ල දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේ හෝටලයක හිමිකරුට සහ පළතුරු හා බයිට් වර්ග අලෙවියේදී අදාළ වර්ෂය සඳහා මුද්‍රා නොකළ තරාදි භාවිතා කළ බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පළ අවට වෙළෙන්ඳන් දෙදෙනෙකුටද මෙසේ නඩු පැවරීමට නියමිතය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.ආර්.රංජිත් යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්ය භාර නිලධාරී කේ.සී.ඒ.පෙරේරා, මිනුම් සේවා පරීක්ෂක පී.ඒ.ටී.පී.කුමාර, මිනුම් ප්‍රමිති සහායක කේ.පී.වසන්ත කුමාර හා ටී.අයි.ඒ.මෙන්ඩිස් සහ බදුල්ල දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී සමන් හේරත් යන මහත්වරු මෙම වැටලීම් සඳහා එක්වූහ.

2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීති විරෝධී කිරුම් මිනුම් කළ වෙළඳුන් 4 කට නඩු
ravi Saturday, 31 August 2019 01:17 PM
කිලෝ එකකට ග්‍රෑම් 750 කියන මිනුම් චක්‍රය තියෙන්නේ අපේ රටේ පමණයි . අනිත් රටවල්වල කිලෝ එකකට ග්‍රෑම් 1000 ක් තියනවනේ .