IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇල්පිටිය ප්‍රා.සභාවට අලුතෙන් නාමයෝජනා කැඳවීමක් කරන්නේ නෑ

(ඩි.ජී.සුගතපාල)

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට සභිකයින් තෝරාපත් කර ගැනීම සඳහා අලුතෙන් නාමයෝජනා කැඳවීමක් සිදු නොකර බවත් 2018 වසරේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා අනුව මැතිවරණය පවත්වන බවත් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල්  මහතා පැවසීය.

ඒ මහතා පැවසුවේ බොහෝවිට ලබන මස මුල් දෙසතිය ඇතුළත මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබෙන බවය.

පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ඇල්පිටිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් දේශපාලන පක්ෂ 5කින් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණ.

එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය,පොදුජන පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ,ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙනු ලැබූ අතර ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත බාර දීම නිසා ඉදිරිපත් වූ  විරෝධතාවයක් සළකා බැලීමෙන් පසුව එම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලදි.

පසුව එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්  ගොනුකරමින් තම නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් එතෙක් මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පෙත්සම සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව අසා අවසන් වනතුරු  ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් 2018 ජනවාරි 30 වැනි දින නිකුත් කළේය.

ඒ අනුව 2018 පෙබරවාරි 10 වැනිදින පැවති  පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම නොපැවැත්වින.

මේ අතර පසුගිය අගෝස්තු 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කර ඇත.

 

 



අදහස් (1)

ඇල්පිටිය ප්‍රා.සභාවට අලුතෙන් නාමයෝජනා කැඳවීමක් කරන්නේ නෑ

haramanis Monday, 02 September 2019 03:17 PM

ජේවීපී දිනයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site