IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


බැංකු කාඩ්පතකින් මුදල් සොරා ගත් තරුණයකු ඇතුළු කතක් අත්අඩංගුවට

(ප්‍රසාද් රුක්මල්)

ගිරාදුරුකෝට්ට ගල්පෝරුයායේ ට්‍රැක්ටර් රථ රියදුරකුගෙන් බැංකු කාඩ්පතක් සොරාගෙන ටෙලර් යන්ත්‍රයකින් රුපියල් 95,000 ක් වංචනික ලෙස ලබාගත් තරුණයකු සහ කාන්තාවක අද (4) අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාදුරුකෝට්ට පදිංචි  25 හැවිරිදි මස්සිනා සහ ගිරාදුරුකෝට්ට නවනගරයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.

මෙම ට්‍රැක්ටර් රථ රියදුරු සහ ඔහුගේ අක්කා විවාහ වූ මස්සිනා එකම නිවසේ පදිංචිව සිටින බවත්, මීට මාස කීපයකට ඉහතදී ට්‍රැක්ටර් රථ රියදුරු ඔහුගේ ට්‍රැක්ටර් රථයක් විකුණා ලබාගත් රුපියල් 450,000 ක් රාජ්‍ය බැංකුව තැන්පත් කර තිබෙන බවද පොලිසිය පවසයි.

පසුව විටින් විට මොහු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බවත්, අවසන් වශයෙන් ගිණුමේ රුපියල් 96,000 ක මුදලක් තිබී ඇතැයි පොලිසිය කීය.

පසුව මොහු බැංකු ටෙලර් කාඩ්පත සමඟ එහි රහස් අංකය ඇතුළත් ලිපිය නිවසෙහි අල්මාරියේ තබා කුඹුරට ගිය අතරතුරේ මොහුගේ ගිණුමෙන් මුදල් රුපියල් 95000ක් ලබා ගත් බවට ජංගම දුරකථනයට කෙටි පණිවුඩ දෙකක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගිරාදුරුකෝට්ට පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

බැංකු කාඩ්පතකින් මුදල් සොරා ගත් තරුණයකු ඇතුළු කතක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14962 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9911 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site