(කාංචන කුමාර ආරියදාස)
සුඛෝපභෝගී මෝටර් රථයකින් යාපනයේ සිට දඹුල්ල දක්වා කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද(05) අත්අඩංගුවට යෑමේදී ඔහු කේරළ ගංජා කිලෝ දෙකක ප්‍රමාණයක් සමග මෝටර් රථය දමා පලා ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථය පරීක්ෂාවට ලක් කිරීමට යද්දී සැකකරු මෝටර් රථය දමා පලා ගොස් ඇත.
මෝටර් රථයේ සිට පැන ගිය පුද්ගලයා දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මීට පෙර ගංජා කිලෝ හයකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයේ මේ වනවිට නඩුවක් පවතින බවද පොලිසිය කියා සිටී.
මෙම ගංජා කිලෝවක් රුපියල් ලක්ෂ දෙකක මුදලකට තොග වශයෙන්ද සිල්ලරට රුපියල් ලක්ෂ දහයක් වශයෙන්ද අලෙවි කරන බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් මෝටර් රථය සහ ගංජා තොගය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරු සොයා දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කේරළ ගංජා කිලෝ 2ක් අත්අඩංගුවට - සැකකරු පලා යයි