(දිලීප් ජයසේකර)
හම්බන්තොට ලුණු සංස්ථාවේ පරිපාලනයට එරෙහිව එහි සේවකයෝ 300ක පමණ පිරිසක් අද (05) හම්බන්තොට කතරගම ප්‍රධාන මාර්ගය ලුණු ලේවාය අසළින් එක් මංතීරුවක් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
ලුණු සංස්ථාවේ වත්මන් පරිපාලනය ජාතික සේවක සංගමයෙහි නොමැති සේවකයින්ට විවිධ අඩත්තේට්ටම් කරන බවද, එම සංගමයට හිතවත් සේවකයින් පමණක් ස්ථිර කරමින් ඔවුන්ට පමණක් දීමනා හා උසස්විම් ලබා දෙන බවද ඔවුහු කීහ.
ලුණු සංස්ථාවේ සභාපතිවරයා තමන්ට ඕනෑ ආකාරයට සේවකයින් බඳවා ගනිමින් ඔවුන් ස්ථිර කිරිමටද කටයුතු කරන බවද ලුණු සංස්ථාවට මේ වන විට අනුමත සේවකයින් පිරිසට වඩා 300කට ආසන්න පත්වීම් ප්‍රමාණයක් ඉතා අසාධාරණ ලෙස සිය දේශපාලන හිතවතුන්ට ලබා දී ඇතැයිද ඔවුහු පැවසූහ.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට ලුණු සංස්ථාවේ සභාපති ආයුබ්ඛාන් මහතා මෙසේ කීවේය.
“සේවකයෝ පිරිසක් විරෝධතාවයක නිරත වෙනවා. ඕනම දෙයක ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමයට පිටින් පිස්සෝ වගේ වැඩ කරන්න බෑ. සේවකයින්ට ගැටළුවක් ඇත්නම් වෘත්තීය සමිති හරහා අපිට දැනුම් දෙන්න ඕනේ. එහෙම නැතිව විරෝධතා කළාට කරන්න දෙයක් නැහැ. සේවකයන්ට තියෙන ගැටළුව ලිඛිතව අපිට දීලා ඒකට අපි ක්‍රියා මාර්ගයක් අරගන්නේ නැතිනම් ඔවුන්ට පුළුවන් නීතියේ පිහිට පතන්න.එ හෙම නැතිව එකසැරේට පාරට බැහැලා විරෝධතා තිබුණා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑ”



2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හම්බන්තොට ලුණු සංස්ථාවේ සේවකයෝ විරෝධතාවයක