(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාවක් නැති බවට ඇතමුන් ප්‍රචාරය ගෙන ගියත් රටේ සාමකාමී වාතාවරණයක් පවත්නා බව පෙන්වා දීම සදහා මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිට කොළඹ බලා යන පාගමන අද 31 දහවල් පල්ලෙවෙල ප්‍රදේශය පසු කරනු ලැබීය.
මෙසේ පාගමනේ යෙදී සිටින්නේ සංජීවන් අමලනාදන් 18 හා ජොසන්ට් ටෙක්නික් 19 යන දෙදෙනාය.
අද31 උදෑසන කොටදෙනියාව පොලිස් වසමට පැමිණි පාගමනේ යෙදුනු තරුණයින් දෙදෙනා නාල්ල, කිතුල්වල, බොකලගම,පූගොඩ ගම්මාන ඔස්සේ පල්ලෙවෙල බලා පැමිණියේය. එහිදී පල්ලෙවෙල පොලිස් නිලධාරීන් හමුවී උදේ ආහාරය ගත් තරුණයින් දෙන්නා ඒ අවස්ථාවේදී හමුවු වල්බෝලාන විික්‍රමශිලා පිරිවෙන් විහාරාධිපති වරාදල උපාලි හිමියන් බැහැදැක ආශිර්වාද රැගෙන තෝරපිටිය කීනවල ඔස්සේ වේයන්ගොඩ බලා ගමන් ඇරඹීය. අද ඔවුන් කඩවත නතරවීමට නියමිතය. ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සිදම්බරපිල්ලෙයි අමලනාදන් මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.


2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාමකාමී බව පෙන්වීමට පේදුරුතුඩුවේ සිට කොළඹට පාගමනක්