(සුමතිපාල දියගහගේ)
හික්කඩුව සහ සීනිගම අතර මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් නාවික හමුදාව විසින් අද (30) බේරා ගත් බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් ඉසුරු සුරිය බණ්ඩාර මහතා පැවසීය.
හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති මෙම ධීවර යාත්‍රාව අනතුරට පත්ව ඇති බව හික්කඩුව පොලිසිය විසින් නාවික හමුදාවට දන්වා ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම, සහන සැලසීම මුදවා ගැනීමේ ඒකකයේ කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් අනතුරට පත්ව තිබූ යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනා බේරා ගෙන ගොඩබිම වෙත ගෙනවිත් රෝහල්ගත කරවීමට කටයුතු කළ බවද සූරිය බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd