(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම සෙබ්බැට්ට ප්‍රදේශයේ පුද්ගලයකු බරපතල තුවල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටියදී අද (29) සවස මරණයට පත්වී ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම මදුරන්කුලිය සෙබ්බැට්ට ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි දෙදරු පියකු බව කියයි .
මරණයට පත්වූ තැනැත්තා අද උදෑසන කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති අතර පසුව ශරීරය පුරා තුවාල සහිතව බරපතල තත්වයේ සිටි මරණකරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මරණයට පත් වු තැනැත්තා මුන්දලම පොලිස් වසම තුළ සිදුවු සොරකම් රැසකට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකු බවත් මොහු හෙරෝයින් වලට බරපතල ලෙස ඇබ්බැහි වුවකු බවද කියයි.
මෙම තැනැත්තා පැහැර ගැනීම සහ පහර දීමට සම්බන්ධ සැකකරුවකු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මුන්දලම සෙබ්බැට්ටේදී පහරකෑමට ලක්වූ අයෙක් මරුට