(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම මොරගහවැව රක්ෂිතයේ කුඩා දොඩම්අත්තාව වැවේ ඉස්මත්තේ ගල් තලාවක නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (30) අත්අඩංගුවට ගත් බව නවත්තේගම පොලිසිය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හලාවත හා නවගත්තේගම මහපිටිය පදිංචිකරුවන් දෙදෙනෙකි.
පැය තුනක කාලයක් පොලිස් නිලධාරීන් මහ වනයේ රැකවල් ලා සිට නිධන් කැණිම් සිදුවු ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනා සමග උපකරණ රැසක්ද අත් අඩංගුවට ගත් බව කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිමේන් පසුව මොවුන් බේරා ගැනිමට සදහා පොලිස් නිලධාරින්ට රුපියල් ලක්ෂ දෙකක අල්ලස් දීමට කටයුතු කල කටුනායක ගුවන් තොටුපල ගිනි නිවන එකකයේ නිලධාරියකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නවගත්තේගම කිරීමැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිධන් සෙවූ දෙදෙනෙක් අත්අඩංගුවට