IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘මහ කන්නයේ වගා හානි වන්දි මුදල් දෙසැම්බරයට පෙර දෙනවා’

(මනෝජ් හර්ෂික)

මහ කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද(29) පැවසීය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන් වෙනුවෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ පැවැති වන්දි ප්‍රදානයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
 
“2018 වසරේ සිට අපි පළමුවරට ගොවියාට රක්ෂණ වාරිකයක්වත් නොමැතිව අක්කරක් සඳහා වගා හානි වන්දිය ලෙස රුපියල් 40‚000 ක් ගෙවීමට සමත්වුණා. එවකට අක්කරයක හානි වන්දි මුදල පැවැතියේ රුපියල් 10,000 ක්. එයද හතරගුණයකින් ඒ කියන්නේ රුපියල් 40,000ක් දක්වා ගෙවන්නේ පළමුවරටයි. අපි දැනට ලංකාවේ හානිවූ වගාබිම් අක්කර 23‚366 සඳහා ගොවීන් 20‚366කට රුපියල් මිලියන 559 ක මුදලක් ගෙවා තිබෙනවා.

මම බලාපොරොත්තුවෙනවා 2018 - 2019 මහ කන්නයට අදාළව හානිවූ ගොවිබිමි වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කරන්න. ඒ සඳහා මුදල් වෙන්කිරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල අපි සකස් කරමින් පවතිනවා. ආසන්න වශයෙන් මහ කන්නයේ අක්කර 50‚000ක් සදහා ගොවීන් 30‚000ක් වෙනුවෙන් රුපියල් මිලියන 1‚100ක මුදලක් වැයවෙතැයි මම අපේක්ෂා කරනවා. එම වගාහානි මුදල ද අපි විසින් ලබා දීමෙන් ඉතිහාසගත වන්නේ ගොවියාට වගාහානි වන්දි කඩිනමින්ම ලබාදුන් පළමු රජය ලෙස අප එක්වෙමින්”යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

‘මහ කන්නයේ වගා හානි වන්දි මුදල් දෙසැම්බරයට පෙර දෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site