IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


දිඹුලාගල මාධ්‍ය කාර්යාලයේ දේපළ හානි කළ ප්‍රා. සබේ විපක්ෂනායකට නඩු

(නිමල් ජයරත්න)
 
දිඹුලාගල මාධ්‍ය කාර්යාලයේ ගෙවත්තට අනවසරයෙන් ඇතුළු වී එහි වැටකම්බි කණු කඩා දමා දේපළ හානි කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වන ලයනල් රංජිත් කහගල්ල මහතාට නඩු පැවරීමට කටයුතු කළ බව පොළොන්නරුව පොලිසිය කියයි.
 
දිඹුලාගල මාධ්‍ය කාර්යාලය වසා තිබූ මොහොතක ඉකුත් 27 වැනිදින සමව විපක්ෂ නායකවරයා මෙම ඉඩම තමාට අයිති බව පවසමින් එහි ඇතුළු වී හානි කර ඇති බව දිඹුලාගල මාධ්‍ය සංගමයේ ලේකම් නිමල් ජයරත්න මහතා පොළොන්නරුව පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.
 
විපක්ෂ නායකවරයාත් මාධ්‍ය සංගමයේ ලේකම්වරයාත් අද පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමෙන් පසු අදාළ අලාභය ගෙවීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටත් කටයුතු කළ බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.එස්.එම් ජරූල් මහතා පැවසීය.
 
ඒ අනුව සැප්තැම්බර් 10 වැනිදා දිඹුලාගල සභාවේ පොහොට්ටුවේ විපක්ෂ නායකවරයා මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියමිතය.


 



අදහස් (0)

දිඹුලාගල මාධ්‍ය කාර්යාලයේ දේපළ හානි කළ ප්‍රා. සබේ විපක්ෂනායකට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 289 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site