(මොහොමඩ් ආසික්)
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පෝය දින සහ ඉරිදා දින දහවල් දෙක දක්වා පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව අද (22) පැවැති මහ සභා රැස්වීමේ දී ඒකමතිකව තීරණය කරනු ලැබීය.
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති මැදගෙදර විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික මහ සභා රැස්වීමට ජාතික හෙළ උරුමය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධනුෂ්ක මල්වැව මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
වර්තමානයේ රට තුළ සිදුවන සියලු අපරාධයන්ට දහම් පාසල් අධ්‍යාපනය නොලැබීම හේතුවක් වී ඇති බව අනාවරණය වී ඇති බවත් සා.පෙළ වැනි විභාග තරගකාරි විභාගවලට පෞද්ගලික පන්තිවලට යාම සිසුන්ට අනිවාර්ය වී ඇති බවත් එම පන්ති අදාළ දිනවල නවත්වා ඒ වෙනුවට විකල්ප දින සහ විකල්ප වේලාවන් හඳුන්වා දීමකින් තොරව සිසුන් පන්ති යෑම නැවැත්විය නොහැකි බව කීය.
කෙසේ නමුත් මෙම තහනම පෝය දවසේ වගේම ඉරිදා දින දහවල් දෙක දක්වාත් පැනවිය යුතු බවත් උන්වහන්සේ කීහ.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා මෙසේ සදහන් කළේය.
මෙය හොඳ යෝජනාවක් වුවත් අධ්‍යාපන තරගයක නිරතව සිටින සිසුන්ට ඒ සඳහා මාර්ගයක් හඳුන්වා දීමකින් තොරව පෞද්ගලික පන්ති නොයන ලෙස දැන්වීම ප්‍රතිඵල රහිත බවයි.
කෙසේ නමුත් මෙම යෝජනාව ඒකමතිකව සම්මත වූ අතර බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ලියපදිංචි සහ ලියාපදිංචි වී නොමැති සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීමටත් කටයුතු කිරීමට සභාව මෙහිදී තීරණය කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හාරිස්පත්තුවේ ඉරිදා - පෝය පෞද්ගලික පන්ති තහනම්