IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇල්ල රාවණාඇල්ල අභයභූමියේ ගින්නක්

(ඩී.කේ.රත්න)

ඇල්ල රාවණාඇල්ල අභයභූමියට ඉහළ කොටසේ අද (22) හවස ඇති වූ හදිසි ගින්නකින් මේ වන විට එම රක්ෂිතයේ අක්කර අටක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතයි ඇල්ල පොලිසිය පවසයි.

මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක හා සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශ වන්නට ඇතැයි පොලිසිය කියයි.

කිසියම් පුද්ගලයෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් විනෝදය සඳහා හෝ වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි පොලිසිය කියයි.

ඇල්ල රොක් නැරඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයින් විශාල පිරිසක් දිනපතාම ගමන් ගන්නා බැවින් මෙම ගින්න හට ගැනීමත් සමඟ ඇල්ල පොලිසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට මහත් උත්සහයක් දරා ඇතැත් ප‍්‍රදේශයේ පවතින තද සුළං තත්වය හා දැඩි බෑවුම් සහිත ප‍්‍රදේශයක මෙම ගින් පැතිරීයාම නිසා මෙම ගින්න නිවා දැමීමට නොහැකිවී තිබේ.



අදහස් (0)

ඇල්ල රාවණාඇල්ල අභයභූමියේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site