(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ලොරි රථයක් සහ බයිසිකලයක් ගැටීමෙන් වූ අනතුරින් දරුවෙකු මියයාම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලොරි රථ රියැදුරු අගෝස්තු 29 දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද(22) නියෝග කළේය.
බලන්ගොඩ රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පසුගියදා 16 වැනිදා වලේබොඩ වතුකාරකන්ද ප්‍රදේශයේදී මෙම රියැදුරු පැදවූ ලොරි රථයක ගැටී බයිසිකලයක පදිමින් සිටි දරුවෙකු මිය ගියේය.
සිද්ධියෙන් මියගියේ නෙතු තේජාන් සස්සර නැමැති අවුරුදු හතරහමාරක දරුවෙකි.
එම ලොරි රථය පැදවු සැකකාර රියැදුරු පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගිය 17 වැනිදා බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් දරුවකු මියයාම සම්බන්ධයෙන් රියදුරෙකු යළි රිමාන්ඩ්