(ශාන්ත කුමාර කුලරත්න)
කොට්ටාව හයිලෙවල් මාර්ගයේදී ගමන්ගත් යතුරුපැදිකරුවකුට රථයේ වේගය පාලනය කළ නොහැකිව නගර මධ්‍යෙය් ඉදිකර ඇති වටරවුම් බැම්මක ගැටී අද(26) සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ මස්කෙළිය බ්‍රවුන් ලෝ වත්තේ පදිංචි කරුණෙයි නාදන් පවිටුන් නමැති 21 හැවිරිදි අලෙවි නිලධාරියෙකි.
ඔහු තම මිතුරකු සමඟ යතුරුපැදියෙන් අද අලුයම මහරගම සිට හෝමාගම දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
යතුරුපැදිකරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව, රථයෙන් විසි වී වටරවුමේ සිමෙන්ති ගැට්ටක ගැටී තුවාල ලබා ඇතැයිද, අනතුරින් යතුරුපැදිකරුගේ හිසට බරපතල හානි සිදුව මිය ගොස් ඇතැයිද පොලිසිය කියයි.
පශ්චාද් මරණ පරීක්ෂණ කටයුතු හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතය.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
කොට්ටාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට - අයෙක් රෝහලේ